පොදු විෂය ධාරාව යටතේ පසුගිය උසස් පෙළ විභාගයට පෙනී සිට දිවයිනෙන්ම විසි දෙවැනියා (22) බවට පත්වූ කොළඹ මියුසියස් විදුහලේ නිලැසි නිසිතා ලියනගේ ශිෂ්‍යාව නැවත සමීක්ෂණ ප්‍රතිඵලවලින් පසුව දෙවැනි ස්ථානයට (2) පත්ව සිටියි.
ඉංග්‍රීසි සාහිත්‍ය සහ ඉතිහාසය යන විෂයයන්වලට ඒ සාමාර්ථයන් ද භූගෝල විද්‍යාව සඳහා සී සාමාර්ථයද ලබමින් ඇය විසි දෙවැනි ස්ථානයට පත්වූයේ ඉසඩ් ලකුණු 2.2900 ක් ලබමිනි. භූගෝල විද්‍යාව උත්තරපත්ර්ර නැවත සමීක්ෂණය සඳහා අයෑදුම් කිරීමෙන් පසුව සී සාමාර්ථය වෙනස්වී එම විෂයය සඳහා ද ඒ සාමාර්ථයක් ලැබී එම විෂය ධාරාව යටතේ දෙවැනි ස්ථානයට පත්වීමට හැකිවී ඇත. ඉසඩ් ලකුණද 2.7311 ක් දක්වා වැඩිවී තිබේ.
නැවත සමීක්ෂණ ප්‍රතිඵලවලට පෙර දිවයින තරාව (rank) 22 වූ අතර කොළඹ තරාව 9 ලෙස ලැබී තිබිණි.
මෙම විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිටියේ දෙදහසකට ආසන්න අයැදුම්කරුවන් පිරිසකි. ගණිත, විද්‍යා, වාණිජ හා කලා යන විෂය ධාරා යටතේ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට සාපේක්ෂව මෙම විෂයධාරාව යටතේ පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව ඉතාමත් අවම මට්ටමක සිටින හෙයින් හොඳම ප්‍රතිඵල ලබන අයදුම්කරුවන්ගේ නාමලේඛනයක් විභාග දෙපාර්තමේන්තුව නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකරයි.