Wednesday, April 2, 2014

Written on

සෙබලෙකු ළඟ හොර සල්ලි තොගයක්

කෑගල්ල බෙරගල යුධහමුදා කඳවුරේ සෙබලෙකු සතුව තිබූ ව්‍යාජ මුදල් තොගයක් ඊයේ (01) හමුවී තිබේ.

රුපියල් පන්දහසේ සහ දහසේ නෝටුටු ඒ අතර වූ බවත් ඒවායේ වටිනාකම රුපියල් විසිහත් ලක්ෂ පණස් දහසක් වන බවත් පැවැසේ.

21 ආර් 39 20 82 අනු අංකය යොදා රුපියල් පන්දහසේ මුද්‍රණය කර ඇති අතර, රුපියල් දහසේ නෝට්ටු මුද්‍රණය කර ඇත්තේ 37 එස් 68 61 37 අනු අංකය ඇතුළත් කරමිනි.

මේ අතර සැකකරු යුද හමුදාවේ 583 වන බල සේනාධිපතිවරයාගේ අත්සන සහිත ව්‍යාජ ලිපියක් ඉදිරිපත් කරමින්, තවත් ලක්ෂ 90ක ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා  කෑගල්ල කරඩු පොකුණ ප‍්‍රදේශයේ පිහිටි මුද්‍රණ ආයතනයකට භාර දී තිබේ.

බලසේනාධිපතිවරයාට වැටලීමක් සඳහා අදාළ මුදල් අවශ්‍ය බව පවසා එම ලිපිය ඉදිරිපත් කර තිබූ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පැවසුවේය.

මෙම සෙබලා තවත් පුද්ගලයෙකු සමඟ එක්ව මෙම මුදල් මුද්‍රණය කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

More News