පළාත් අමාත්‍යවරුන් පත්කිරීම කල් යයි
දකුණ සහ බස්නාහිර පළාත් සභාවල මහඇමතිවරුන් දිවුරුම්දීම හෙට පෙරවරුවේ සිදුකෙරෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
හිටපු ප්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනා වන ප්‍රසන්න රණතුංග සහ ශාන් විජේලාල් ද සිල්වා යන මහත්වරුන් යළි මහඇමතිවරුන් ලෙස මෙහිදී දිවුරුම් දෙනු ඇති. එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ එම පළාත් සභා දෙකට තේරී පත්වූ මන්ත්‍රීවරුන් දිවුරුම්දීමද මෙහිදී සිදුකිරීමට නියමිතයි.
කෙසේවෙතත් අදාළ පළාත් දෙකේ අමාත්‍යවරුන් දිවුරුම් දීම මෙහිදී සිදුනොවන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. ඒ අනුව දකුණ සහ බස්නාහිර පළාත් අමාත්‍යවරුන් නම්කිරීම ලබන සතියේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඉකුත් වාරයේ එම පළාත් සභා දෙකේ ඇමති ධුර හෙබ වූ කිහිපදෙනෙකුට මෙවර එම තනතුරු අහිමි වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ. කොළඹ සහ කළුතර දිස්ත්‍රික් නියෝජනය කළ අමාත්‍යවරුන් දෙදෙනෙකුට එලෙස තනතුරු අහිමි වනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළා.