Friday, April 4, 2014

Written on

දෙවියන්ගේ කැමැත්ත මහේලට සහ සංගාට යි - කොදෙව් ක්‍රිකට් නායක ඩැරන් සැමී

මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සහභාගි වීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අවස්ථාව නොලැබී ගියේ, දෙවියන් වහන්සේගේ කැමැත්ත සංගක්කාර සහ මහේල දෙසට යොමුවීම හේතුවෙන් බව කොදෙව් නායක ඩැරන් සැමී පවසයි.

ඊයේ තරගය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව පරාජයට පත්වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළ කළේ ය.

එහිදී ඔහු දැක්වූ අදහස්වල සිංහල පරිවර්තනය පහත දැක්වේ.

ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීම කණගාටුදායක යි. අපි පසුගිය ලෝක කුසලානය දිනා ගත්තා. කොදෙව් කණ්ඩායම නිරන්තරයෙන් දෙවියන් වහන්සේට යාඥා කරන කණ්ඩායමක්. ඒ නිසා දෙවියන් වහන්සේ අප සමග සිටිනවා. ඒත් ඒ තත්ත්වය මෙවර වෙනස් වු‍ණේ, ලෝකයේ ම ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ටත්වයක් ගෙන දුන් විශිෂ්ටයින් දෙදෙනෙකු වන සංගක්කාර සහ මහේල නිස යි. දෙවියන් ඔවුන්ගේ සමුගැනීම වඩා ක් ගෞරවාන්විත එකක් බවට පත් කිරීම සඳහා අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඔවුන්ට ජයග්‍රාහකයින් ලෙස පන්දු වාර 20 ක්‍රිකට් දිවියෙන් සමුගැනීම සඳහා තව ත් ජය ගත යුත්තේ, එක් තරගයක් පමණ යි. මං හිතන්නේ මේ තරගයට දෙවියන් වහන්සේ අත පෙව්වේ ඒ හේතුව නිසා යි. මම ඊළඟ ලෝක කුසලානය දක්වා කොදෙව් කණ්ඩායම මෙහෙයවීමට හැකි වෙතැයි විශ්වාස කරනවා

More News