අලුත් අවුරුදු උදාව
2014 අප්‍රේල් මස 14 වැනි සඳු දින පූර්ව භාග 07.37ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වෙනි සඳුදා පූර්ව භාග 01.13 සිට (අප්‍රේල් 14 වන සඳුදට එළිවෙන පාන්දර) අප්‍රේල් 14 වන සඳුදා අපර භාග 02.01 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 14 වෙනි සඳුදා පූර්ව භාග 01.13ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, පූර්ව භාග 07.37 සිට අපර භාග 02.01 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනවි.
ආහාර පිසීම
2014 අප්‍රේල් මස 14 වැනි සඳු දින පූර්ව භාග 10.17 ට සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීකිරි හා උක් හකුරු මිශ්‍ර කිරි බතක් සහ කැවිලි ආහාරයක් පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගණුදෙනු සහ ආහාර අනුභවය
2014 අප්‍රේල් මස 14 වැනි සඳු දින පූර්ව භාග 11.05 ට සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම
2014 අප්‍රේල් මස 16 වැනි බුධ දින පූර්ව භාග 11.16 ට කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොං පත් ද තබා තෙල් සහ කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යාම
2014 අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 06.16 ට රන්වන් පැහැති වස්ත්‍රයෙන් සැරසී තල මිශ්‍ර කිරිබතක් සහ හකුරු අනුභව කොට බටහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.
- ගොසිප්9 පාඨක එකමුතුව