Tuesday, April 1, 2014

Written on

සමහරු මා ලවා කොස්ඇට බාගත්තා - එජාප මන්ත්‍රී ප්‍රමිත

මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා සියනෑ ජලය සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි සඳුදා (31) එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ සහ මහ ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් වෙත භාර දී තිබේ.

සිය ඉල්ලා අස්වීම පිළිබඳ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියාසිටියේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තමන් තුළ පවතින දැඩි කලකිරීම හේතුවෙන් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවයි. ඒ වගේම ඉල්ලා අස්වීමට බලපෑ තවත් විශේෂ හේතු ජනමාධ්‍ය හමුවේ ළඟදීම අනාවරණය කරන බවත් හෙතෙම පැවසුවේය.

කෙසේ වෙතත් එජාපයෙන් ඉවත් නොවන බව සඳහන් කළ ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා ඇතමුන් බළලුන් ලවා කොස් ඇට බෑවීමේ වැඩ පිළිවෙළක් තමන් හරහා සිදුකර ගත් බව කීවේය.

මෙවර පැවැති පළාත්සභා ඡන්දයේ දී ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් එජාපයෙන් තරඟ කළ ප්‍රමිත හෙට්ටි ආරච්චි මහතා පරාජයට පත්විය.

More News