Wednesday, April 16, 2014

Written on

UNP හා JVP ත්‍රස්ත ලැයිස්තුවට !

බොදු බල සේනා ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කළ, ලෝකයේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා ඒ පිළිබඳ තක්සේරු කරන ප්‍රධානතම සංවිධානය වන ටෙරරිසම් රිසර්ච් ඇන්ඩ් ඇනලසිස් කොන්සෝටියම් හෙවත් ට්‍රැක් ආයතනය විසින් මීට පෙර එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණද ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර ඇති බව නෙත් වෙබ් අඩවිය විසින් සොයාගෙන තිබේ.

ලොව විවිධ ජාතීන් වලට අයත් පර්යේෂකයන් තුන්දාහකට ආසන්න ප්‍රමාණයක් එක්ව ක්‍රියා කරන ට්‍රැක් සංවිධානය විසින් බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ මුස්ලිම් කතෝලික සුළුතර ආගමිකයන්ට එරෙහිව වෛරී ආකාරයෙන් හැසිරෙමින් ඔවුන්ට එරෙහිව ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කර ඇති සංවිධානයක් ලෙස හඳුන්වා දී තිබිණි.

මේ සම්බන්ධව පළවූ මාධ්‍යය වාර්තාවල මෙලෙස ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කළ පසු එකී සංවිධානයේ පිරිස් වෙත ජාත්‍යන්තරව විශාල බලපෑමක් එල්ලවෙන බවත්, විදේශ අධ්‍යාපනය ලැබීමට නොහැකි වීම, විදේශ රැකියා ලබා ගැනීමට නොහැකි වීම, විදේශ සමග ව්‍යාපාර පවත්වාගැනීමට නොහැකි වීම, විදෙස් ආධාර ලබා ගැනීමට නොහැකි වීම ආදී ගැටලුවලට මුහුණපෑමට සිදුවන බවත් පෙන්වා දී තිබුණද, කලින් ත්‍රස්තවාදී ලෙස නම් කළ පක්ෂ දෙකට එවැනි බලපෑමක් සිදුවී නැති බව නෙත් වෙබ් අඩවිය කියයි.

ට්‍රැක් සංවිධානය, ඉහත පක්ෂ දෙකට අමතරව තවත් සමාජවාදී පක්ෂ කිහිපයක්ම ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම්කොට ඇති බවද එම වෙබ් අඩවිය සදහන් කරයි.


එහෙයින් ට්‍රැක් සංවිධානයේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තු ගතවූ පමණින් එය අන්තර්ජාතිකව විශාල බලපෑමක් එල්ලකරන ආකාරයේ වර්ගීකරණයක් ලෙස නම් කළනොහැකි බව පෙනී යන බව පවසන නෙත් වෙබ් අඩවිය, මේ පිළිබදව බොදු බල සේනා සංවිධානයේ ස්ථාවරය අද පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කිරීමට නියමිත බවද සදහන් කරයි.

ට්‍රැක් සංවිධානය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ ත්‍රස්තවාදී වර්ගීකරණයට එක්කරගෙන තිබු අයුරු;

























































-සබැදි පුවත්-
බොදු බල සේනාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරයි 
බලසේනා දෙකක කලබල ඇති වෙයි !

More News