Saturday, April 26, 2014

Written on

ප්‍රභාකරන්ගෙ වගේ පාලකයාගේ ඉරණමත් තීරණය වේවි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස, ශ්‍රී ලංකාව එහි නීති රීති පිළිගත යුතු බවත්, දිගින් දිගටම එම නීති උල්ලංඝනය කරන්නේ නම් ජනතාවගේ යහපත වෙනුවෙන් පාලකයා වෙනස් කිරීම සදහා බලය පාවිච්චි කිරීමට වුවද එම සංවිධානය නියෝජනය කරන ලෝක ප්‍රජාවට තීරණය කළ හැකි බවත්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කරන නිසා, ඒ පිළිබදව පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ‍දැනටමත් යෝජනාවක් සම්මත කරගෙන තිබෙන බව පැවසූ ඔහු, එය එක් පියවරක් බවත්, තත්ත්වය තව දුරටත් වෙනස් නොවන්නේ නම් ඊළග පියවර වලටද එළඹිය හැකි බවත් පෙන්වා දුන්නේය.

කොළඹදී මාධ්‍ය අමතමින්, ඔහු තවදුරටත් මෙසේද පැවසීය.

ඒවගේ පියවරවල් අරගෙන තියනව ලෝකෙ.පාලකයා දරුණු වෙන්න වෙන්න, හිරිහැර වැඩි වෙන්න වෙන්න, ජනතාවට පිළිසරණක් නැති වෙන්න නැති වෙන්න, ඒගොල්ල අවශ්‍ය පරිදි පියවර අරන් තියනව. අපි දැක්ක පහුගිය දවස්වල ලෝකයේ නොයෙක් රටවල ඒ පියවරවල් අරගෙන, කොහොමද ඒ පාලකයන්ගෙන් ඒ රටවල් බේරගත්තෙ කියල. මෙහෙම යනකොට මොන පියවරද ගත යුත්තෙ- ජනතාව බේරගන්න කියල ලෝක ප්‍රජාව තීරණය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් හැටියට මේ ර‍ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති රීති රෙගුලාසි පිළිගන්න ඕන. ඒ නීති රීතිවලට අනුකූලව ගන්න ක්‍රියාදාමයක් ගැන අපි කතා කරන්නෙ. බලය පාවිච්චි කිරීමත් එතන තියෙනවා. ඒක නීති රීති වලට අනුකූලයි. ඇයි අපි ප්‍රභාකරන් ඉවත් කළේ බලය පාවිච්චි කරලා? ප්‍රභාකරන් ත්‍රස්තාවාදියෙක් නිසා. රටේ පාලකයාත් රාජ්‍ය ත්‍රස්තවාදියෙක් වුණොත්, තීරණය කරන්න ඉඩ තියෙනවා මේ රට වෙනුවෙන් රටේ ප්‍රජාව වෙනුවෙන්ලෝක ප්‍රජාව කොහොමද පෙළ ගැහෙන්න ඕන කියල.

හම්බන්තොට පාවිච්චි කරපු බලය නෙමෙයි අපි මේ පාවිච්චි කරන්නෙ. හම්බන්තොට පිස්තෝල කටු ඉනේ ගහගෙන රෙදි උස්සගෙන දුවන දේශපාලකයො බලය පාවිච්චි කරන විදිය නෙමේ අපි කතා කරන්නෙ

More News