ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ (IPL) කණ්ඩායම් හිමිකරුවන් අතර වඩා ත් ජනප්රිය චරිතය බවට බොලිවුඩ් නිළි ප්රීටි සින්ටා පත්ව සිටිය ද වත්කමෙන් අඩු ම හිමිකාරිය ඇය බව වෙල්ත් (Wealth-X) නමැති වත්කම් විශ්ලේෂණ සමාගම පවසයි.
ප්රීටි සින්ටාගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 30ක් බවද පැවසේ. කණ්ඩායම් හිමිකරුවන් අතර වැඩි ම වත්කමක් ඇති මුකේෂ් අම්බානිගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 21.2කි (ඉන්දීය රුපියල් කෝටි ලක්ෂ 1.29).
ඒ අනුව, ප්රීටි සින්ටාගේ වත්කම මුකේෂ් අම්බානිගේ වත්කම සමග සැසඳීමේදී එහි ප්රතිශතය 0.14%ක් පමණි.
මෙම කණ්ඩායම් 8හි හිමිකරුවන් 8 දෙනාගේ සමස්ත වත්කම් එකතුව අමෙරිකානු ඩොලර් බිලියන 25.17කි.
ඉන්දියාවේ සමස්ත වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 935ක් වන අතර ඉන් බිලියන 25.17ක් ම මෙම හිමිකරුවන් 8 දෙනාට අයත් ය.
මේ අතර, Kolkata Knight Riders හිමිකරු වන බොලිවුඩ් සුපිරි නළු ෂා රුක් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 600ක් බවද එම සමාගම වැඩිදුරටත් පවසයි.