මීට සුළු මොහොතකට පෙර පෙරවරු 7.37ට යෙදී තිබූ සුභ නැකතින් අලුත් අවුරුදු උදාව සිදුවිය.
අද අලුයම 1.13 ට ආරම්භ වූ පුණ්‍ය කාලය පස්වරු 2.01ට අවසන් වීමට නියමිතව තිබේ. පුණ්‍ය කාලය ආරම්භ වීම ත් සමග දිවයිනේ වෙහෙර විහාරස්ථාන සැදැහැවතුන්ගෙන් පිරී ගොස් තිබේ.
සැදැහැවතුන් මේ වන විට අලුත් අවුරුද්දට ආශීර්වාද පතා ආගමික වතාවත්වල නිරත වන බවත්, විශේෂයෙන් මහනුවර ශ්‍රී දළඳා මාළිගාව මේ වන විට නන්දෙසින් පැමිණී සැදැහැවතුන්ගෙන් පිරී ඇති බවත් වාර්තා වේ.
අලුත් අවුරද්දට ආශීර්වාද පතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස ද දහස් ගණන් සැදැහැවතුන් ආගමික කටයුතුවල නිරත බව ද වාර්තා වේ.
ගිනි කෙළි ප්‍රවේශමෙන්
ගිනි කෙළි භාවිතයේදී ඒවායෙහි ප්‍රමිතිය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරණ ලෙසත්, විශේෂයෙන්ම ළමුන් සමග ගිනිකෙළි භාවිත කිරීමෙන් වලකින ලෙසත් ජාතික රෝහලේ අධ්යක්ෂ, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
පා පැදි ධාවන තරග, ගම හරහා දිවීම ඇතුළු ක්‍රීඩා ඉසව් සඳහා නිධන් ගත රෝගීන් සහභාගි කර ගැනීමේදී ද සැලකිලිමත් වන ලෙස ද ඔහු අවුරුදු තරඟ සංවිධායකයින් ගෙන් ඉල්ලීමක් කරයි.
උත්සව සමයේ බීමත්ව රිය පැදවීමෙන් වළකින ලෙසත්, නෑගම් යාමේදී වාහනවල යෝග්‍යතාව පිළිබඳව විශේෂ අවධානය යොමුකරන ලෙසත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
- ගොසිප්9 පාඨක එකමුතුව