ප්රජාතන්ත්රවාදී පක්ෂයේ දසවැදෑරුම් ප්රතිපත්ති මාලාව එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාගේ ප්රධානත්වයෙන් අද එළිදැක්විය.
අඳුරට එළියක් විශ්වාසනීය වෙනසක් යන මැයෙන් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ප්රතිපත්ති මාලාව නම් කර තිබේ. එම ප්රතිපත්ති ප්රකාශනය පළමුව එම පක්ෂයේ භික්ෂු සංවිධානයට පිළිගැන්විය.
අනතුරුව පක්ෂයේ සාමාජිකයින්ට ප්රතිපත්ති ප්රකාශනය පිළිගන්වමින් සරත් ෆොන්සේක මහතා පැවසුවේ මැයි රැළියට සමගාමීව සංවිධානය කර ඇති පක්ෂයේ මහා සම්මේලනයේදී ප්රතිපත්ති ප්රකාශනය ජනතාවට හා මාධ්ය්යට පිළිගන්වන බව ය.
එහිදී සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසිය.

අපි ජනතාවට මේ ප්රතිපත්ති මාලාව හරහා යම් කිසි පොරොන්දු මාලාවක් ලබා දෙනවා. හැමදාම ජනතාව රැවටුණා අසරණ වුණා. එක හන්දා අපි අවංකව ජනතාව වෙනුවෙන් කැප වෙන බඩගොස්තරවාදී දේශපාලනයට තිත තියලා, මේ රටට අපේ සදාචාරය, ඓතිහාසික සංස්කෘතිය රටේ ගෞරවය ලෝකයා හමුවේ, ශිලාචාර රටක් හැටියට මේ රටට හිටගෙන ඉන්න පුළුවන්, ස්ථාවරයක් මේ දේවල් ලබා ගන්න, අපි ක්රියාකරන ආකාරය තමයි, අපි අපේ දස වැදැරුම් ප්රතිපත්ති මාලාව තුලින් පෙන්වලා තියෙන්නේ "