ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ශ්‍රී ලංකාව හැරයාමේ අවදානමකට ලක්ව තිබීම නිසා අද (21) ක්‍රිකට් විධායක කමිටුව විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි වාර්තා වේ.
එසේම ශ්‍රී ලංකා පුහුණුකරු පොල් ෆාබ්‍රේස් මහතා අද (21) දිවයිනට පැමිණීමට නියමිත බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග ඔහු සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් මේ අතර වාර්තා වේ.
ෆාබ්‍රේස් හා ශ්‍රී ලංකා ක්‍රිකට් අතර පරිවාස ගිවිසුම් කාලය ලබන ජ්ුනි මාසය දක්වා බල පැවැත්වෙන බවද පැවසේ.
ඔහු ඊට පෙර එම ධූරයෙන් ඉවත්වන්නේ නම් මසකට පෙර එය ක්‍රිකට් ආයතනයට දැන්විය යුතුව ඇති බවද වාර්තා වේ.
එසේ නොකළ හොත් ඔහුට ක්‍රිකට් ආයතනය මාස 6ක් සඳහා ගෙවන මුදල ලබාදීමෙන් පසුව ඉන් ඉවත්වීමටද අවස්ථාව තිබේ.
ෆාබ්‍රේස් ඉවත්වෙන්න යන්නෙ ඇයි ?
ෆාබ්‍රේස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල හැරයාමට උත්සාහ කිරීමට ආසන්නම හේතුව වන්නේ ඔහුට එංගලන්ත පිලේ සහය පුහුණුකාර ධූරය ලබාදීමට ආරාධනා කිරීමම නොවන බවද වාර්තා වේ.
ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එක් ක්රීඩකයකුට ලක්ෂ 250ක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කරද්දී ඔහු නොසලකා හැර තිබීම නිසා යැයි කසුකුසුවක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.