විස්තීර්ණ අධිසුඛෝපභෝගී සංචාරක නිකේතන පහසුකම් සහ ඊට අනුසාංගික පහසුකම් සහිත හෝටල් සංකීර්ණ තුනක් ඉදිකිරීම සඳහා අවසර ලබාදෙන නියෝග සහිත එක් ගැසට් නිවේදනයක් සඳහා අද (24) පැවති විවාදයෙන් පසුව පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 71කින් එම නියෝග සම්මත වී තිබේ.
මේ සඳහා විපක්ෂය නියෝජනය කරන එජාපය, ජවිපෙ සහ දේමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂය විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජාතික හෙළ උරුමය, ශ්රී ලංකා මුස්ලිසම් කොන්ග්රසය, ජාතික නිදහස් පෙරමුණ වැනි පක්ෂ ඡන්දය විමසීම මගහැර සිටියේය.
මෙයට පක්ෂව ඡන්ද 113ක් ද, විපක්ෂව ඡන්ද 42ක් ද ලැබිණි.
ආණ්ඩුවේ මන්ත්රීවරයකු වන අතුරලියේ රතන හිමියෝ පනතට විරුද්ධව ඡන්දය ප්රකාශ කළහ.
2013 සැප්තැම්බර් 23 වැනිදා 1829/23, 1829/24 ලෙස ගන එන ලද එම ගැසට් නිවේදන දෙක මහානායක හිමිවරුන්ගේ සහ විපක්ෂයේ පක්ෂවල විරෝධය හමුවේ හකුළා ගත් අතර 2014 ජනවාරි 30වනදා නැවත එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුනේ හෝටල් සංකීර්ණ තුණක් සඳහා අවසර ලබාදීමටය.