Tuesday, April 29, 2014

Written on

ගුවන් යානා දෙකක් ගැටී එකක් බේරෙයි, එකක් මුහුදේ

කැලිෆෝනියාවේ උතුරු සැන් ෆ‍්‍රැන්සිස්කෝහි බොක්ක ආසන්න ගුවනේ දී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී තිබේ.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ කුඩා යානා දෙකකි.

මෙහි එක් යානාවක් අනතුරින් පසුවත් අසීරුවෙන් එහෙත් ආරක්ෂිතව ගොඩබැස්වීමට නියමුවා සමත්ව ඇත.

අනෙක් කුඩා ගුවන් යානයේ සුන්බුන් සැන් පැබ්ලෝ මුහුදු බොක්ක ආශ‍්‍රිත මුහුදේ තිබී සොයාගෙන තිබේ.

එහි ගුවන් නියමුවා සොයා යාත‍්‍රා 9ක් විමර්ශන අරඹා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

එන්ජිමේ සංඥ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇතැයිද මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.




More News