Monday, April 7, 2014

Written on

ආණ්ඩුවට එරෙහිව ඔත්තු දුන් ඇමතිවරු 3ක් !

බටහිර තානාපති කාර්යාල සමග රහසිගතව ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන ඇමතිවරුන් තිදෙනෙකු සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත තොරතුරු ලැබී ඇතැයි අමාත්‍ය විමල් විරවංශ මහතාගේ Gossip9 අනාවරණය කරයි.

ඉන් එක් අයෙකුට එරෙහිව පිළිගත හැකි සාක්ෂි ලැබී ඇති බවත්, අනෙක් දෙදෙනා සම්බන්ධයෙන්ද තොරතුරු ලැබෙමින් පවතින බවත් එම පුවත් වාර්තාවේ සඳහන්වේ.

මෙම ඇමතිවරුන් කවුරුන්ද යන්න සහ ඔවුන් කටයුතු කර ඇත්තේ කෙසේද යන්න ඉදිරියේදී ජනතාවට දැන ගැනීමට හැකිවනු ඇති බවද සදහන් කර ඇති ජනාධිපතිවරයා අදාළ ඇමතිවරුන් තිදෙනාට එරෙහි චෝදනා තහවුරු වූ විගස ඔවුන්ට විරුද්ධව කටයුතු කරන බවද වැඩිදුරටත් අවධාරණය කර තිබෙන බව එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන්වේ.

More News