Tuesday, March 25, 2014

Written on

ලංකාවේ පරිඝණක දරුණු වෛරස් දෙකකට ගොදුරු වේ

දැනට මෙරට භාවිතයේ ඇති පරිගණක යන්ත‍්‍ර දරුණු ඝණයේ ට්‍රොජන් හා සැලිට් යන වෛරස් දෙකකට ගොදුරුවී ඇතැයි ලෝ ප‍්‍රකට ආරක්ෂණ මුදෘකාංග සැපයුම් සමාගමක් වන ඉසෙට් ආයතනය සඳහන් කරයි.

මේ කරුණු අනාවරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව සඳහා නිකුත් කරන ලද නවතම අන්තර්ජාතික වෛරස් අනතුරු වාර්තාව මඟින් වන අතර මෙරට සෑම පරිගණක සියයකින් හතකට ට්‍රෝජන් වෛරසය ආසාධනය වී ඇති බව ඉන් හෙළි කරයි.


මෙම වෛරසය මහගින් පරිගණකයේ සියලු අංශයන්ට බරපතළ ලෙස හානී කිරීම සිදු කරන අතර මේ වෛරසය නිසා ඉන්ටර්නෙට් බ්‍රවුසය වෙනත් ස්ථානයකට යොමු කරන අතර එමඟින් අනවසරයෙන් පරිගණකයට ඇතුළුවී තොරතුරු ලබා ගැනේ.

විශාල වශයෙන් මෙරට පරිගණක වලට ආසාධනය වී ඇති සැලිට් වෛරසය මඟින් වින්ඩෝස් පරිගණක ක්‍රියා පද්ධතියට විශාල ලෙස හානි කරන අතර, මෙමඟින් ඊමේල් පණිවුඩ විවෘත කිරීමේ හැකියාව විවෘතව පවතින බවද හෙළිව තිබේ.

More News