Tuesday, March 25, 2014

Written on

මාතර අධිවේගයට ටෙන්ඩර් නැතුව බස් පර්මිට් දීලා

මාතර අධිවේගයේ බස් රථ ධාවනයට ටෙන්ඩර් පටිපාටියකින් තොරව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා හිතතවත් බස් හිමියන් කිහිපදෙනෙකුට බලපත්‍රලාබදී ඇති බව පවසමින් අල්ල්ස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කර තිබේ.

අදාල පැමිණිල්ල ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගයේ සභාපති ගැමුණු විජේරත්න විසින් සිදුකර ඇත. ආසන්න වශයෙන් මේ එක්  බලපත්‍රයක් රුපියල් කෝටි 3ත් 5ත් අතර වනු ඇති බවද පැවසේ.


වසර 2013 අගොස්තු 06 වැනිදා ප්‍රසිද්ධ දැන්වීමක් පලකරමින් ජාතික ගමනාගමන කොමිසන් සභාව කොට්ටාව - මාතර අධිවේගී මාර්ගයෙහි සුඛොපභෝගී බස්රථ 27ක් ධාවනය කිරීමට ටෙන්ඩර් කැඳවා තිබුණද අදාල බලපත් මෙතෙක් ලබා නොදීමෙන් බස් රථ හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් Gossip9 ගැමුණු විජේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ අදාල කොමිසම කොට්ටාව - ගාල්ල අධිවේගයේ ධාවනයට මාර්ග බලපත් ලබාදීමේදී ද අක්‍රමකතා සිදුකර ඇති බවයි.

මේවන විට එලෙස ලබාදුන් බලපත්‍ර 8ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් පරීක්ෂණයක් කරන බවද හෙලි කළේය.

More News