අත් අඩංගුවේ සිට නිදහස් කරනු ලැබූ මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනකු වන ප්‍රවීන් මහේසන් පියතුමාට සහ රුකී ප්‍රනාන්දු ට ජන මාධ්‍යයට කථා නොකරන ලෙසට බලධාරීන් විසින් උපදෙස් දී තිබේ.
ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ද අත් අඩංගුවට ගෙන ඇත. ඔවුන් භාවිත කරන පරිගණක ද අත් අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇති බවයි බීබීසී කොළඹ වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් ප්‍රකාශ කළේ.
ප්‍රවීන් මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඉරිදා අත් අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොන්දේසි රහිතව නිදහස් කරනු ලැබූහ.
මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනා සම්බන්ධ මේ පුවත වාර්තා වන්නේ ශ්‍රී ලංකා රජය ජිනීවා නුවර මානව හිමිකම් මණ්ඩලයේ විවේචනවලට මුහුණ දෙමින් සිටින අතරවාරයේ යි.
ශ්‍රී ලංකා රජය පවසන්නේ දෙමළ කොටි කැරලිකරුවන් උතුරේ යළිත් සන්ධාන ගත වෙමින් සිටින බවයි.