
ඔහුගේ ඇස්තමේන්තුගත වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 76ක් බව විදෙස් වාර්තාවල දැක්වේ.
ඔහු මෙක්සිකෝවේ කාර්ලෝස් ස්ලිම් අභිබවා පළමු ස්ථානයට පත් වූයේ මීට සිවුවසරකට පෙරය.
ලෝක ධනවතුන් අතර දෙවැනි ස්ථානයට යළි ත් පත්වූ කාර්ලෝස් ස්ලිම්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 72කි.
එම ලයිස්තුවේ තෙවැනි තැන හිමිව ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 64ක වත්කමක් සහිත ස්පාඤ්ඤයේ ඇමන්සියෝ ඔර්ටේගා හටය.
Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ලෝක ධනවතුන් අතර 21 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 28.5කි.