අල්ලස් කොමිසමෙන් හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පවරා ඇති නඩු තුන සම්බන්ධයෙන් සාක්කි විභාගයට දින 45කට පෙර NDB බැංකුවේ ඇය පවත්වාගෙන ගිය බැංකු ගිණුම් පරිගණක විශේෂඥයින් ලවා පිරික්සීමට ඇගේ නීතීඥවරුන් අද (05) මෝසමක් මගින් සිදු කළ ඉල්ලීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා අද අවසර දුන්නේය.
මෘදුකාංග විශේෂඥයින්, විගණන නිලධරයින්, නීතීඥයන් හා බැංකු නිලධරයින්ගෙන් සමන්විත 08 දෙනකුගේ කණ්ඩායමකට ඊට අවසරය දුන් මහේස්ත්රාත්වරයා දින හතරක් ඇතුළත ඒ තොරතුරු ලබා ගැනීමට ද නියෝග කළේය.
මෘදුකාංග විශේෂඥයින්, විගණන නිලධරයින්, නීතීඥයන් හා බැංකු නිලධරයින්ගෙන් සමන්විත 08 දෙනකුගේ කණ්ඩායමකට ඊට අවසරය දුන් මහේස්ත්රාත්වරයා දින හතරක් ඇතුළත ඒ තොරතුරු ලබා ගැනීමට ද නියෝග කළේය.