ෂයික් නම් විදේශිකයා ඝාතනය කිරීම පිළිබද නඩුවේ නඩුවේ විත්තිකරුවන් තුන් දෙනෙකුට රජයේ වියදමින් නීතිවේදීන් ලබා දීමට කොළඹ මහාධිකරණය තීන්දු කර ඇත.
අදාළ නඩුව ඊයේ (17) කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් තුන් දෙනෙකු අධිකරණය හමුවේ කියා සිටියේ, තමන් වෙනුවෙන් නීතිවේදීන් පෙනී සිටින්නේ නොමැති බවයි.
ඒ අනුව එම විත්තිකරුවන් සඳහා රජයේ වියදමින් නීතිවේදීන් පත් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.
මෙම නඩුව ලබන 26,27, සහ 28 යන දිනවල නියත වශයෙන්ම විභාගයට ගන්නා බවයි, කොළඹ මහාධිකරණ විනිශ්චයකාරවරිය වන රෝහිනී වල්ගම පැවසුවාය.
එමෙන්ම මෙම නඩුවේ ප්රධාන සාක්ෂිකාරිය වන මියගිය තැනත්තාගේ රුසියානු ජාතික පෙම්වතිය මීළඟ දිනයේ අධිකරණය ඉදිරියේ සාක්ෂි දීම සඳහා ඉදිරිපත් කරන බව රජයේ නීතිවේදියා අධිකරණයට දැනුම් දුන්නේය.
රතු කුරුස සංවිධානයේ සේවකයකු වූ කුරාම් ෂයික් තංගල්ලේ නිවාඩු නිකේතනයකදී 2011 නත්තල් දිනයේදී ඝාතනය කෙරිණි.
ඔහුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්ර පුෂ්ප විදානපතිරණ ඇතුළු හය දෙනකු චෝදනා ලැබ සිටිති.