Tuesday, March 4, 2014

Written on

වෙනුෂගේ මරණයට අමතරව විදුහල්පතිගේ තවත් වැඩක් මාට්ටු

විදුහල්පතිගේ රහස් කාමරයේ ඇඳ ඇතිරිලි

කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පතිවරයා ෆේස්බුක් සිදුවීමක් මුල්කොට ගෙන අසභ ලෙස බැනවැදීමෙන් සිත්තැවුලට පත්ව සියදිවි නසාගත් එම විදුහලේ ඉගෙනුම ලැබූ වෙනූෂා ඉමන්දි බංඩාර සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ජාතික ළමා ආරක්ෂක අධිකාරියට එම පාසාලේ සිසු සිසුවියන් විසින් ලබාදුන් කට උත්තර අනුව, ඊයේ (03) පරීක්ෂණ සිදු කළ එම අධිකාරියට, කොට්ටයක්ද සහිතව ඇතිරිලිදමා තිබූ ඇඳක් සහිත අඳුරු කාමාරයක් හමුවී තිබේ.

විදුහල්පති කාර්යාලයේ ඇති මෙම අභිරහස් කාමරයක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් විමර්ශනයක් ආරම්භකර ඇත.

එම කාමරයේ ජනේල් පවා නැති බවත් එය අදුරු කාමරයයක් බවත් එහිදී ජාතික ළමා ආරක්ෂක අධීකාරියේ නිලධාරීන්ට පෙනී ගොස් තිබේ.

කළුවර කාමරයට දමන බව සඳහන් කරමින් විදුහල්පතිවරයා විසින් පාස‍ලේ ළමුන්ව එම කාමරයට දමා පැය ගණනක් රඳවා තැබෙන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට ළමුන් පවසා ඇත.

එම කාමරය ළමුන්ට දඩුවම් දෙන්නට තැනූවක් නම් කොට්ට මෙට්ට දැමූ ඇදක් එහි ඇත්තේ කුමකට දැයි ගැටළුවක් බවට මේ වනවිට පත්ව තිබේ.

විදුහල්පති නිල කාර්යාලයේ ඇති ඒ කාමරය රහස් කාමරයක් ලෙස භාවිතා කරන්නක් බව දැනට කෙරී ඇති විමර්ශන වලින් පෙනී ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වයඹ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් තොරතුරු විමසා  ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව ආරංචි මාර්ග අනාවරණය කරයි.

More News