
මෙසේ වැඩතහනමට ලක්වූ පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනාම පසුගිය වයඹ පළාත් සභා මැතිවරණ සමයේ සන්ධාන අපේක්ෂක වත්මන් මහ ඇමති දයාසිරි ජයසේකර මහතාට පක්ෂක්ග්රාහීව සෘජුවම ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට වාසි සහගත ආකාරයෙන් රාජකාරි කටයුතු කළ අය බවද විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.
කෙසේ නමුත් ඔවුන්ට මෙසේ සිදුව ඇත්තේ පසුගියදා මහත් ආනිදෝලනයකට තුඩුදුන් ප්‍රවෘත්තියක් වූ, ගිරිඋල්ල, මුතුගල ප්‍රදේශයේ පදිංචි තරුණ එක් දරු පියෙකු අත්අඩංගුව ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් නොකර රඳවා තබා ගැනීම සම්බන්ධ සිද්ධියේ තතු හෙළිවීම නිසාය.
අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අධිකරණය වෙත ඉදිරිපත් නොකර දින 38ක් රඳවා තබා ගැනීම සහ ඒ පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුවත් නොකිරීම යන චෝදනා මත මෙම නිලදාරීන්ගේ සේවය අත් හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
පොලිස් නිලධාරීන් එම තරුණයාගේ බිරිඳට ඥාතීන්ව බියගන්වා මෙම කරුණ අනාවරණය කිරීමට තැත් කළ බවත් එයට බිය නොවී මාධ්‍යවලට මෙම තොරතුරු අනාවරණය කළ ඔවුන්ට මුදල් දී එය යටපත් කිරීමට තැත් කළත් තම අසරණ කම මුදල්වලට පාවා නොදී ඔවුන් දිරිමත්ව කටයුතු කළ නිසා මේ වනවිට මෙහි අග මුල හෙළි වෙමින් පවතී.
මේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් කි‍්‍රයාත්මක කිරීමටද පොලිස්පතිවරයාට සිදුව තිබේ.