කොළඹ පිටත වටරවුම් මාර්ගයේ පළමු අදියර වන කොට්ටාවේ සිට කඩුවෙල දක්වා වූ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 11ක කොටස මීට ටික වේලාවකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කර තිබේ.
මෙම අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩුවෙලට අමතරව අතුරුගිරියේ පිවිසුම් මාර්ගයක්ද ඇති අතර පැයට කිලෝමීටර් 100ක වේගයකින් එහි ධාවනය කළ හැකිය.
කොට්ටාවේ සිට කඩුවෙල දක්වා වැය වන කාලය විනාඩි 8කි.
කොළඹ - කටුනායක සහ දක්ෂිණ අධිවේගී මාර්ග යා කරමින් ඉදිකෙරෙන මෙම මාර්ගය අදියර තුනකින් සමන්විතය.
එහි ප්රථම අදියර වන කොට්ටාව සිට කඩුවෙල දක්වා කිලෝමීටර් 11ක දිගින් යුත් කොටස අද මෙලෙස ජනතා අයිතියට පැවරිණ.
මෙහි දෙවන අදියර යටතේ කිලෝමීටර් 8. 9ක දිගින් යුත් කඩුවෙල සිට කඩවත දක්වා කොටසත් තෙවන අදියර යටතේ කිලෝමීටර් 9. 2ක දිගින් යුත් කඩවත සිට කෙරවළපිටිය දක්වා කොටසත් සාදා නිමකිරීමට නියමිතය.
ඒ අනූව එම මාර්ග දෙකේ සම්පූර්ණ දිග කිලෝමීටර් 29. 1කි.
ශ්රී ලංකාවේ ඉදිවන දිගම පාලම මෙන්ම ගුවන් පාලම වන කිලෝමීටර් 3.3ක දිගින් යුත් මහවැව පාලම ද කොට්ටාව කඩුවෙල මාර්ගයේ ඉදිකර තිබේ.
කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ පළමු අදියර ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (ජයිකා) රුපියල් බිලියන 27 ක ණය ආධාර යටතේ ඉදිකර ඇතැයි සඳහන්ය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල, පින්නදුව සිට මාතර, ගොඩගම දක්වා කිලෝ මීටර් 32.25 ක්වූ කොටසද ලබන 15දා ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
ඒ අනුව ලබන 15 වැනිදායින් පසුව දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් මාතර සිට කඩුවෙල දක්වා පැය 2ටත් අඩු කෙටි කාලයකින් ළඟාවීමට අවස්ථාව උදාවනු ඇත.
කොට්ටාව - කඩුවෙල අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයට සමගාමීව දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන ප්රථම ජනහමුව ද කඩුවෙල, කොතලාවල දී අද පස්වරුවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.