මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කොට වසරක් පිරෙන ඊයේ (18) දිනයේ ආණ්ඩුවෙන් සංවිධානය කළ විශාල ප්‍රෝඩාවකින් එම සංවත්සරය සැමරීය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ජකර්තා නුවර සිට සහ සවස 5.30 වනවිට පැමිණීමට නියමිතව තිබූ MJ 604 දරන මිහින් ලංකා ගුවන් යානය සහ කෝචින් සිට පැමිණීමට නියමිතව තිබූ UL 168 දරන එයාර්ලංකා ගුවන් යානය මත්තල ගුවන්තොටුපළ බලා හරවා යැවීය.
අයහපත් කාලගුණය නිසා මෙසේ හරවා යැවූ බවට ගුවන්තොටුපළ අධිකාරිය නිවේදනය කර තිබිණි.
නමුත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ ගුවන්තොටුපළ විවෘත කර පළමු සංවත්සරය නිමිත්තෙන් එම ගුවන් යානා දෙක මත්තල බලා හරවා යැවූ බවය.
මෙයට ටික කලකට පෙර ගුවන්ගත කරමින් තිබූ යානයක මොණරුන් දෙදෙනෙකු ගැටීම නිසා මත්තල සිට ක්‍රියාත්මක කළ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් අත්හැර දැමිණි. ඊයේ ගුවන් යානා දෙක ගොඩබැස්සවූයේ ඉන් අනතුරුවය.
මෙම මගීන් කටුනායක බලා ගෙන ඒමට සහ අදාළ ගුවන් යානා දෙක මත්තල බලා හරවා යැවීමට සහ නැවත කටුනායක බලා ගෙන්වා ගැනීමට දැරීමට සිදුවූ මුදල කොපමණ දැයි මේ වනතුරු හෙළි වී නැත.