![]() |
අතුරුදහන් වූ යානයේ සුන් බුන් බවට සැක කෙරෙන චීන චන්ද්රිකා ඡයාරූප |
රේඩියෝ සබඳතා ගිලිහී යාමෙන් පසුවත් පැය කිහිපයක් ගත වන තුරු යානය පියාසර කරමින් සිටින්නට ඇතැයි සැක පළ කරන එක්සත් ජනපද වාර්තා ද මැලේසියානු ගමනාගමන ඇමති හිෂම්මුද්දීන් හුසේන් ප්රතික්ෂේප කළේය.
ඔහු තවදුරටත් කියා සිටියේ චීනය චන්ද්රිකා ඡයාරූප නිකුත් කළේ අත්වැරදීමකින් බව ක්වාලාලම්පුර් හි චීන තානාපති කාර්යාලය පිළිගත් අතර එම ඡයාරූපවල අතුරුදහන් වූ යානයට අයත් කිසිවක් පෙන්නුම් නොකරන බවයි.
මගීන් 239 දෙනෙකු සහිත මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 යානය ක්වාලාලම්පුර් සිට බීජිං නුවර බලා පියාසර කරමින් සිටියදී අතුරුදහන් වූයේ පසුගිය සෙනසුරාදා යි.
සොයා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදු කෙරෙන අතර ඒ සඳහා නැව් 43 ක් සහ ගුවන් යානා 40 ක් යොදවා තිබේ.