Friday, March 14, 2014

Written on

කිලිනොච්චියේ ක්‍රියාධාරිනියක් අත්අඩංගුවට

කිලිනොච්චියේ මානව හිමිකම් ක්‍රියාධාරිනියක ඇයගේ දියණිය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

කිලිනොච්චියේ ධර්මපුරම්, පුලියම් බොක්කනේහිදි ඊයේ (13) පොලීසිය නිලධාරියකුට වෙඩි තැබිමට සැක පිට ඒ අසල නිවසක සිටි එම මව හා දියණිය වව්නියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධකරුවෙකුට රැකවරණ ලබා දුන් බවට සැක පිට ඔවුන්  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියා සිටියි.

මව නමින් විජයකුමාරි වන අතර ඇයගේ දියණිය අවුරුදු 13 ක් වන විදුෂිකා ජයකුමාරි නම් වේ.

මොවුන් අත්අඩංගුවට ගැනීමට එකම හේතුව වශයෙන් දක්වන්නේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයට යාබද නිවසේ ජීවත් විම පමණක් නොවන බව තතු දත් ආරංචි මාර්ග තහවුරු කර සිටි.

ඇයගේ පුත්‍රයා අතුරුදහන් වී ඇති අතර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් උතුරේ සංචාරය කරද්දී අතුරුදහන් වීම්වලට එරෙහිව පැවති උද්ඝෝෂණවලදී ජෙයකුමාරි බාලේන්ද්‍රන් ඉදිරියෙන්ම සිට ඇත.

ඇයගේ පුත්‍රයා බලහත්කාරයෙන් එල්.ටි.ටි.ඊ. සංවිධානයට  බඳවා ගෙන ඇති බවත් යුද්ධය අවසානයේදී හමුදාවට භාර වීමෙන් අනතුරුව අතුරුදහන් වී ඇති බවත් වාර්තා වී තිබුණි.



More News