Monday, March 17, 2014

Written on

ලංකාවට එරෙහි ඉදිරිපත් වූ ජිනීවා යෝජනා වල සංශෝධන රැසක්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම හමුවේ ඉදිරිපත්ව ඇති යෝජනාවල සංශෝධන රැසක් සිදුකිරීමට යුරෝපා රටවල් ඉදිරිපත්ව තිබේ. 

මෙරට මානව හිමිකම් තත්ත්වය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය හරහා විමර්ශනය කිරීමට ඉඩ ලබාදීම ඒ අතර වන බව වාර්තා වෙයි. 

නව සංශෝධන අනුව ද ශ්‍රී ලංකාවට ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ අවස්ථාව ලබාදී තිබේ. ගත වු වසර පහක කාලය තුළ ශ්‍රී ලංකා රජය එවැනි පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන නොමැති බව අමෙරිකාව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවෙන් දැක්වෙන්නේ. 

කෙසේ වුව ද අදාළ යෝජනා හා සංශෝධන හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පූර්ණ වශයෙන් විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ කාර්යාලයට හැකියාවක් නොපවතින බව විශේෂඥයින් පෙන්වා දෙයි. 

මේ අතර ශ්‍රී ලංකා නියෝජිත පිරිස මානව හිමිකම් සැසිවාරයට සමගාමීව සෙසු රටවල් දැනුවත් කිරීමේ නිරතව සිටින බව වාර්තා වෙයි. 

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට විරෝධය පළ කරමින් ඊයේ(15) වව්නියාව දෙමළ මහ විද්‍යාලය අසළ සිට විරෝධතා පෙළපාලියක් ද පැවැත් වුණි. 

More News