පසුගිය ජනවාරි 18 වන දා නුගේගොඩ, ගංගොඩවිල, නිවසකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, මෙම ඝාතනය ෆේස්බුක් මිතුරු හමුවක් මාර්ගයෙන් සිදු ව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ය.
මිය ගිය ව්‍යාපාරිකයා තමන් සමලිංගිකයෙකු බව පවසමින් එවැනි ඇසුරක් සඳහා අනෙක් පිරිමින්ට ආරාධනා කර ෆේස්බුක් ගිණුමක් විවෘත කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, එලෙස හඳුනාගත් මොරටුව ප්‍රදේශයේ තරුණයෙකු සමග 54 හැවිරිදි අදාළ ව්‍යාපාරිකයා සම ලිංගික ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති බව ය.
අදාළ තරුණයා එම ව්‍යාපාරිකයා සමග එලෙස ඇසුරක් පවත්වා ඇත්තේ, දේපොළ කොල්ල කෑමේ අරමුණින් බව ද පොලීසිය පවසයි.
ඒ අනුව ව්‍යාපාරිකයා ඝාතනයට ලක් වූ දිනයේ දී මෙම තරුණයා ව්‍යාපාරිකයාගේ නුගේගොඩ නිවසට පැමිණ ඔහුත් සමග ලිංගික ඇසුරක් පවත්වා ඇති බව අනාවරණය වී ඇත.
එදින ම රාත්‍රියේ ඔහු තව ත් පුද්ගලයින් සිව් දෙනෙකු ද සමග එක් ව අදාළ ව්‍යාපාරිකයා ඝාතනය කර නිවසේ තිබූ ලැප්ටොප් පරිගණකයක් ද රු. 8000ක මුදලක් ද සොරකම් කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.