හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊළඟ ප්රාදේශීය සභා මැතිවරණයෙන් අත්තනගල්ල ප්රාදේශීය සබාවට තරඟ වදිනු ඇතැයි ඇමති එස්.බී. දිසානායක පවසයි.
පේරාදෙණිය ප්රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙසේද අදහස් පල කලේය.
" චන්ද්රිකා මැතිණය දැන් බොහොම විවේකෙන් ඉන්නෙ. ඒක බොහොම හොඳයි. මේ කාලෙ එතුමිය පිනක් දහමක් කරගන්න පන්සලකට ගිහිල්ල සිල් ටිකක් ගන්නව නම් හොඳටම හොඳයි.
හැබැයි එතුමියගේ හරි කාගෙ හරි අවාසනාවට තවත් ප්රාදේශීය සභා තරෙඟකට හරි ලබන සැරේ අත්තනගල්ල ප්රාදේශීය සභාවට එන්න තමයි මං හිතන්නෙ එතුමියගෙ උනන්දුව තියෙන්නෙ කියල.
එතුමිය ගැන අපිට හොයන්න දෙයක් නෑ. මටවත්, ජනාධිපතිතුමාටවත්, මේ ආණ්ඩුවටවත් එතුමිය ගැන මොනවත් හොයන්න දෙයක් නෑ. අපිට තියෙන්නෙ අවුරුදු 11ක එතුමියගේ රජයක ඇමතිවරු වී සිටීමේ දුක තමයි "