Thursday, March 27, 2014

Written on

මැලේසියාවේ යානයක් නැවතත් අනතුරේ

මැලේසියානු පාපන්දු ක්‍රීඩකයින් පිරිසක් තරගයක් ජයගෙන ආපසු පැමිණෙමින් සිටි මැලේසියාවේ දේශීය ගුවන් සමාගමකට අයත් ATR 72-600 නමැති ගුවන්යානයේ හදිසියේ ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් පියාසර කරමින් තිබූ යානයේ සිටි කිසිවෙකුට අනතුරක් සිදුව නැත.

ගුවන් නියමුවා විසින් ගින්න හටගත් අවස්ථාවේ ගින්න හටගත් එන්ජිම ක්‍රියාවිරහිත කර තවත් ගුවන් තොටුපොළකට ගොඩ බැස්වීමට කටයුතු කිරීමෙන් එහි සිටි මගීන්ගේ ජීවිත බේරාගෙන ඇත.

මීට මාසයකට පමණ පෙර මැලේසියානු ගුවන් යානයක් අතුරුදන් වූ අතර තවමත් එහි සුන් බුන් ගොඩ ගනිමිනී තිබේ. ඊට දින කිහිපයකට පසු තවත් මැලේසියානු යානයක් අනතුරකට ලක්විය.

More News