Sunday, March 23, 2014

Written on

ආඩම්බරකාර තාත්තාට දරු දුක තේරෙන්නෙ නෑ - අනෝමා ෆොන්සේකා

" තම දරුවන්ගෙන් මේ රජය පළිගන්නා තරම තමන් කවදාවත් කටක් ඇරලා කියා නැති බවත් තම වැඩිමහල් දියණියගේ විවාහ ජීවිතය කඩාකප්පල් කිරීමට තරම් අසික්කිත, පහත් තත්වයකින් ආණ්ඩුව ක්‍රියා කළ බවත් " අනෝමා ‍‍ෆොන්සේකා මහත්මිය හැගීම්බරව පැවසුවාය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනෝමා ‍‍ෆොන්සේකා මහත්මිය එසේ පැවසුවේ ඊයේ පානදුර නගරයේ පැවති රැස්වීමක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් පළ කරමින් ඇය මෙසේද පැවසුවාය.

" අපේ දරුවන්ගෙන් මේ රජය පළිගන්නා තරම මං කවදාකවත් කටක් ඇරලා කියලා නෑ. මම මවක් හැටියට විඳින දුක දන්නේ මං විතරයි. අපේ වැඩිමහල් දියණිය විවාහ වෙලා දැනට අවුරුදු 4ක් වෙනවා. මගේ දියණියගේ විවාහය දෙදරීමට මූලික වුණේ මේ රජයයි. ඉතාමත් පහත් තත්ත්වයකට වැටිච්ච මේ රජයයි. මමත් මගේ ස්වාමියත් අදටත් දුක්විඳිනවා මගේ දියණියගේ විවාහ ජීවිතේ අවුල්වීම ගැන. මේ වෙනකන් මම කතා කරලා තිබුණෙ නෑ. මේ අද මට ඒක කියන්න තරම් සිත් වුණා ඒකට හේතුවකුත් තියෙනවා. මේ වෙනකොට අවුරුදු 4ක් වෙනවා මගේ දියණියට ඇයගේ ස්වාමි පුරුෂයා දකින්න නැතිව.

ඒ වගේම තමයි මගේ අනිත් දියණිය මේ රටට එනකොට, කටුනායක ගුවන්තොටුපළේදී ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වුණා. රහස් පොලීසියේ ප්‍රශ්න කිරීම්. ඒකට මූලිකම හේතුව වුණේ මෙතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වුණ එකයි. මේකද ප්‍රජාතන්ත්‍රවාදය? තාමත් මගේ දියණිය ඇගේ සැමියා මුණගැසෙන්න වරම් පතනවා. තාමත් වරම් පතනවා. මේක මහා අසික්කිත ඒ වගේම පහත්ම පහත් නින්දිත ක්‍රියාවක් හැටියට මම දකින්නේ. ආඩම්බරකාර පියෙක් ගැන කතා කරනවා හැබැයි ඒ පියාට තේරෙන්නෙ නෑ දරු දුක. සියලුම ආදරණීය කාන්තාවන්ට මා කියාසිටින්නේ මම වැටුණ තත්ත්වෙට ඔබ වැටෙන්න එපා. ඊට කලින් අපි වෙනසක් කරන්න ඕනේ. මම ඒකට මුල් වෙනවා. "

More News