
ඒ මහතා පවසන්නේ facebook සමාජ ජාල වෙබ් අඩවිය මේ වනවිට අපරාධ ඇති කරන ප්‍රධානතම මෙවලම බවට පත්වී ඇති බවත් facebook හරහා කරගෙන යනු ලබන තවත් ජාවාරමක් පිළිබද තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇති බවත්ය.
පසුගිය 18 වැනිදා රාත්‍රී කාලයේදී නුගේගොඩ සුභද්‍රාරාම පාරේ තෙමහල් නිවසකදී කිසියම් ආයුධයකින් පහරදී ඝාතනය කර තිබියදී හමුවූ ව්‍යාපාරිකයාගේ මරණයට හේතුවද ෆේස්බුක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙරේදා (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ෆේස්බුක් හරහා පුද්ගලයන් රවටා පසුව ඔවුන් කොල්ලකෑමේ ජාවාරමක නිරතවන බවට තොරතුරු හෙළිවී ඇති බවයි.