Sunday, February 16, 2014

Written on

ලංකාවෙ කොල්ලො දෙන්නෙක් මොබයිල් ලෝකය හොල්ලයි

ශ්‍රී ලාංකික පරිගනක මෘදුකාංග ඉංජිනේරුවන් දෙදෙනෙකු ජාත්‍යන්තර වෙළෙඳ පොළට මොබයිල් ඇප් දෙකක් හඳුන්වාදීමට සමත්ව තිබේ.

මෙම ඇප් දෙක නොකියා සමාගම විසින් ලොව පුරා පවත්වනලද නොකියා ලුමියා හා වින්ඩෝස් 8 දුරකථන සඳහා ඇප් හඳුන්වාදීමේ තරගයෙන් ජය ගෙන ඇත.

ඔවුන් වින්ඩෝස් 8 මෘදුකාංගය සඳහා මෙම මොබයිල් ඇප් දෙක හඳුන්වාදී ඇත.

මේ මස අවසානයේ ස්පාඥ්ඥයේ බාසිලෝනා හි පැවැත්වෙන ලෝක ජංගම දුරකථන සමුළුවේදී (World Mobile Congress) මෙම ජංගම ඇප් දෙක තරඟයට තැබීමට  නියමිතය.

මෙම ඇප් දෙක නිර්මාණය කර ඇත්තේ විසිතුන් හැවිරිදි එම්.එස්. හේෂාන් හා මොරටුව විශ්ව විද්‍යාලයේ  උපාධි අපේක්ෂකයකු වන තාරක විජේබණ්ඩාර විසිනි.

හේෂාන් රිච්මන්ඩ් විදුහලේ සිසුවෙකු වන අතර, ඔහු APIIT හි උපාධි ලාභියෙකි.

More News