ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා මැතිවරණ නීති උල්ලංඝනය වන පරිදි රැස්වීමක් කැදවා ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්ද ජයසිංහ මහතා චෝදනා කරයි.
නි. අැමති වරයා විසින් හෙට(28) දින පස්වරු 4.00ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දී මෙම රැස්වීම පැවැත්වීමට නියමිත අතර ඒ සදහා සහභාගී වන ලෙස අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බල ප්‍රදේශයට අයත් සියලුම රජයේ සේවකයින් වෙත අනිසි බලපෑමක් එල්ල කර ඇති බව ඔහු ප්‍රකාශ කරයි.
ඊයේ (27) මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවමින්, මෙම නීති විරෝධී රැස්වීම අත්හිටුවීමට කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා ඇත.
සරණ ගුණවර්ධන මහතා මෙහිදී තම බලය යොදා ගනිමින් මැතිවරණ නීති උල්ලංඝනය කොට තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් සරණ ගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළද ඔහු දුරකථනයට පිළිතුරු දුන්නේ නැත.