කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පති ඉවත් කරන ලෙස ඉල්ලමින් එම විදුහල ඉදිරිපිටදී අද (10දා) උද්ඝෝෂණයක් පැවැත්විණි.
ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගත් වෙනූෂා ඉමන්දි ශිෂ්‍යාවට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලමින් මිය ගිය සිසුවියගේ පවුලේ ඥාතීහු මෙම විරෝධතාව පැවැත්වූහ.
වෙනූෂාගේ මරණයට විදුහල්පති වගකිව යුතු බව සඳහන් කරමින් ඔවුහු මෙසේ විරෝධතාවයේ යෙදී සිටියහ.
වෙනූෂා ඉමන්දි බණ්ඩාර දැරියගේ පියා වන පී.වී.අනුරසිරි,මව සහ බාල නැගණිය සිය වෙනූෂාගේගේ අකල් මරණයෙන් දැඩි ලෙස කම්පාවට පත් වී සිටි.
මේ අතර මියගිය සිසුවියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉකුත් සිකුරාදා (07) සිදු කෙරුණ අතර සුසාන භූමිය දක්වා අවමගුල් පෙරහැරට ගමන් කළ යුතුව තිබුණේ සිසුවිය ඉගෙනුම ලැබූ පාසල ඉදිරිපිටින් ය.
එහෙත් පොලිසියේ ද උදව් ඇතිව අවමගුල් පෙරහැරට පාසල ඉදිරිපිටින් ගමන් කිරීම තහනම් කෙරුණ. පාසලේ කිසිම සිසුවෙක්ට හෝ සිසුවියකට පාසල් නිල ඇඳුමින් අවමගුලට සහභාගී වීම තහනම් විය.