එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රීක් නායක වජිර අබේවර්ධන මහතා ගේ බලවත් විරෝධය මත, ජනප්‍රිය නිලි නදීෂා හේමමාලි මෙනවියට දකුණු පළාත් සභා මැතිවරණයට ගාලු දිස්ත්‍රීක්කයෙන් නාමයෝජනා නොලැබෙනු ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
ගාලු දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ නදීෂාගේ ගම් ප්‍රදේශය වන අතර දකුණු පළාත් සභාව සඳහා ගාලු දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකත්වය ඉල්ලා සිටියේ ඇයට එම ප්‍රදේශයට ඇති ඥාති සම්බන්ධතා පැහැදිලි කරමිනි.
නදීෂා හේමමාලි ඉදිරිපත් කිරීමට ගාලු දිස්ත්‍රික්කයේ එජාප අපේක්ෂකයින් බහුතරයක් මෙන්ම, නාමයෝජනා මණ්ඩලයද එකඟ වී ඇතත්, වජිර අබේවර්ධන මහතාගේ දැඩි බලපෑම් හේතුවෙන් ඇය ගේ නම කපා දමා ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.