මෙම පළාත් සභා මැතිවරණයට තරග කිරීමට සන්ධානයෙන් අපේක්ෂකත්වය ඉල්ලා සිටි නිළියන් තිදෙනාගෙන් කිසිවකුගේ හෝ නම් අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කරගෙන නොමැත.
දකුණු හා බස්නාහිර පළාත් සභා ඡන්දයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් ලෙස පළාත් සභා දෙකේ හිටපු මැති ඇමැතිවරු ඊයේ (02) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නාම යෝජනා අත්සන් කළහ.
එම පළාත් සභා දෙකට අලුතෙන් ඉදිරිපත් වන සන්ධාන අපේක්ෂකයන් නාම යෝජනා අත්සන් කිරීම අද (3 දා) දිනය තුළදී සිදු කිරීමට නියමිතය.
කෙසේවුවද, දකුණු පළාත් සභාවේ සන්ධානයේ හිටපු මන්ත්‍රී අනර්කලී ආකර්ෂාට හා බෙන්තර ඇල්පිටිය සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මියට අපේක්ෂකත්වය ලබාදී ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා භාරදීම 5, 6 දෙදින තුළ සිදු කෙරෙන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.