Sunday, February 16, 2014

Written on

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ පඩි කපනවා - සනත්

2014 වසර සඳහා ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් කොන්ත‍්‍රාත්ගත කිරීමේදී පෙර ලබා දුන් මුදලට වඩා අඩු මුදලක් ලබා දීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානීන් තීරණය කර තිබේ.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් සංශෝධනය කරන ලද නව ව්‍යවස්ථාව අනුව ඉදිරියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබීමට ඇති මුදල් ප‍්‍රමාණය පළිබඳ තක්සේරු කරීමට නොහැකි බැවින් මෙම තීරණය ගෙන ඇත.

" අපි මෙවර ක‍්‍රීඩකයන් කොන්ත‍්‍රාත්ගත කිරීමේදී පෙර ලබා දුන් මුදල් ප‍්‍රමාණය තරම් ලොකු ප‍්‍රමාණයක් ලබා දෙන්නේ නෑ. අපට ලැබෙන මුදල අනුව තමයි ක‍්‍රීඩකයන්ට මුදල් ගෙවිය යුත්තේ. හැබැයි ජාතික කණ්ඩායම්වල ක‍්‍රීඩකයන්ගේ කොන්ත‍්‍රාත් මුදල් යම්කිසි ප‍්‍රමාණයක් අඩු වුණාට ප‍්‍රිමියර් තරඟාවලියේ ක‍්‍රීඩකයන්ගේ තරඟ දීමනාව වැඩි කරනවා " යයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසයි.

More News