පෞද්ගලික විශ්ව විද්‍යාල තත්ත්ව පරීක්ෂණ හා උපාධි පිළි ගැනීමේ කමිටුවේ නව ලේකම් තනතුර මොහුට
උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් පෞද්ගලික විශ්ව විද්‍යාල තත්ත්ව පරීක්ෂණ හා උපාධි පිළි ගැනීමේ කමිටුවක් පත් කර ඇත.
එම කමිටුවේ ලේකම් ලෙස ඇමති එස් බී දිසානායක මහතාගේ පුත් නාරද දිසානායක මහතා පත් කර ඇති බව අමාත්‍යංශ වාර්තා අනාවරණය කරයි. මෙම කමිටුව සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු තවත් පිරිසක්ද පත් කර ඇත.
රාත්‍රී සමාජ ශාලාවලට යෑම සහ කාර් රේස් පැදීම විනෝදාංශය කරගත් නාරද දිසානායක මහතා 2004 වර්ෂයේදී රාත්‍රී සමාජ ශාලාවක් තුල ගැටුමක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි. කාර් රේස් පැදීම ධාවන පථ වලට පමණක් සීමා නොවීම හේතුවෙන් රිය අනතුරු ගණනාවකට ඔහු වැරදිකරු වී තිබේ.
නාරද දිසානායක මහතාගේ පළමු බිරිඳ දික්කසාද වී ඇත්තේ නිරන්තර පහරදීම් හා ප්රචන්ඩ ක්‍රියා හේතුවෙන් බව වාර්තා විය.
හුදී ජන පහන් සංවේගය සඳහා නාරද දිසානායක මහතාගේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.