ජනප්රිය නිලි නදීෂා හේමමාලි මෙනවිය, එජාප නායකත්වයේ ඉල්ලීම මත දකුණු පළාත් සභාව සඳහා මාතර දිස්ත්රික්කයෙන් තරඟ කිරීමට අද නාමයෝජනා පත්රයට අත්සන් තැබිය.
නදීෂා මෙනවිය මෙවර දකුණු පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්රීක්කයෙන් තරඟ කිරීමට සිටියදී, ගාල්ල දිස්ත්රීක්කය නියෝජනය කරමින් පසුගිය පළාත් සභාවේ මන්ත්රීවරියකව සිටි ජනප්රිය නිළි අනර්කලී අකාර්ශා මෙනවිය මෙවර මාතර දිස්ත්රික්කයෙන් ඉදිරිපත් කිරීමට සන්ධානය තීරණය කිරීම නදීෂා මාතරින් ඉදිරිපත් කිරීමේ තීරණයට බලපා ඇතැයි වාර්තාවේ.
පක්ෂ නායකත්වයේ ඉල්ලීම මත නදීෂා මාතරින් ඉදිරිපත් කිරීමට එජාප මාතර දිස්ත්රික් නායක පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර මහතා එකඟත්වය පළකර ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ අනර්කලී අකාර්ශා මෙනවිය ද දේශපාලනයට හඳුන්වා දෙනු ලැබුවේ මංගල සමරවීර මහතා විසින් වීමයි. සමරවීර මහතා විදේශ ඇමතිවරයාව සිටියදී අනර්කලී මෙනවිය ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළාය.