Sunday, February 23, 2014

Written on

පොලිසිය මරාගත් අම්මාට ජනපතිගෙන් මල් වඩමක්

පොලිසිය දොර කඩාගෙන නිවසට ඇතුළු වී සිය පුතුන්ට තිරිසන් ලෙස පහරදීම දරාගත නොහැකිව මියගිය මිනුවන්ගොඩ කේ.එස් වසන්තා පද්මිණී මාතාවගේ අවසන් කටයුතු ඊයේ (22) ප්‍රදේශවාසීන් දහස් ගණනක සෝ සුසුම් මැද මිනුවන්ගොට සුසානභූමියේදී සිදු කෙරිණි.

ඇයගේ මරණය ගැන ශෝකය පළ කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මල් වඩමක් එවා තිබිණි.

‍මියගිය මාතාව පදිංචිව සිටි මිනුවන්ගොඩ මොරගොඩවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට රාත්‍රියේ දොරවල් කඩාගෙන ඇතුළු වූ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු ඇගේ බාල පුත්‍රයාට ඇද පොල්ලකින් පහර දී ඇති අතර එය දරාගත නොහැකිව ඇය මියගොස් තිබේ.

ඇගේ වැඩිමහල් පුත් රනිල් ප්‍රසාද් ප්‍රකාශ කරන ආකාරයට, සිද්ධියට හේතු වී ඇත්තේ ඔහුගේ නමද අෑදුණු සුළු පැමිණිල්ලකි. ක්‍රීඩා පිටියේදී පිරිසක් සිය ලොකුඅම්මාග‍ේ පුතුන් සමග ඇති කරගත් ආරාවුලක් විසදීමට තමන් මැදිහත් වූ බවත් ඒ හේතුවෙන් එම ආරවුල ගැන පොලිසියට ඉදිරිපත් වූ පැමිණිල්ලක තමන්ගේ නමද සදහන් ව තිබෙන බවත් ඔහු පවසයි. ඒ පිළිබදව එදින දහවල් පොලිසියෙන් පැමිණ පසුවදා පොලිසියට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබේ. මේ කඩාවැදීම සිදුව ඇත්තේ එදින රාත්‍රියේය.

රාත්‍රියේ නිවසට කඩාවැදුණු පොලිස් නිලධාරීන් කිසියම් මත් ද්‍රව්‍යයක් පාවිචිචි කර සිටි බව හැගුණු බවත්, ඔවුන් කිසිදු සොයාබැලීමකින් තොරව, සිය බාල සොහොයුරාට පහර දුන් බවත්, මව සිහිසුන්ව වැටුණු විට පවා ඒ ගැන නොතකා සොහොයුරාට පහර දුන් බවත් ඔහු පැවසීය.

අදාළ නිලධාරීන්ගේ වැඩ තහනම්කොට ඇති අතර සිද්ධිය පිළිබද පරීක්ෂණයක් සිදු කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

අවමගුල් කටයුතු සිදු කෙරුණු ප්‍රදේශයට විශාල පොලිස් බලඇණියක් කැදවා තිබිණි.

More News