Sunday, February 23, 2014

Written on

මට රැකගන්න මොනවත්ම නෑ !

මගේ ඇගේ දුවන්නේ දකුණේ ලේ
මං ජනතාවට ආදරෙයි

දකුණු පළාත් සභා මැතිවරණයට මාතර දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සටන් බිමට පිවිසි ජනප‍්‍රිය කලාකාරිනියක වන නදීෂා හේමමාලී මෙනවිය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡවකි.

ඔබ කලාකාරිනියක් විදිහට දේශපාලනයට පිවිසීමට ප‍්‍රධාන හේතුව කුමක්ද?

වර්තමාන සමාජයේ පවතින අර්බුදකාරී තත්ත්වයන්.පොළවේ පය ගහලා ජීවත් වන කෙනෙක් හැටියට මේ රට ගමන් කරන වැරදි දිශාව සාමාන්‍ය මිනිස්සු වගේම මමත් දකිනවා. මේ අවස්ථාවේදී, ජනතාව වෙනුවෙන් මට ආදරේ කරපු ජනතාව වෙනුවෙන් කෘතගුණ සැලකීමක් කරන්නට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකාවක් විදිහට තීරණය කළා දේශපාලනයට ඇවිත් මගේ ජනතාවට සේවය කරන්න. මම කලාකාරිනියක් වුණේ, ජනප‍්‍රිය වුණේ යම්කිසි දෙයක් ලැබුණේ මගේ ආදරණීය පේ‍්‍රක්ෂකයන් නිසා.

මාතර දිස්ති‍්‍රක්කයෙන්ම මැතිවරණයට ඉදිරිපත් වීමට හේතුව කුමක්ද?

මගේ ගම දකුණු පළාතේ අම්බලන්ගොඩ. පාසල් ගියේ අම්බලන්ගොඩ ප‍්‍රජාපතී බාලිකා මහා විද්‍යාලයට. උසස් අධ්‍යානයට පමණයි කොළඹ ගියේ.ඉන් අනතුරුව කලා කටයුතු වලට කොළඹ පදිංචි වුණා. ඉතින් දකුණේ කෙනෙක් හැටියට මගේ ඇගේ දුවන්නෙත් දකුණේ ලේ. ඉතින් මට දකුණට අයිතියක් තියනවා.මාතර කියන්නේ දකුණට අයිති දිස්ති‍්‍රක්කයක්. මේ නිසා මට මාතර අලූත් තැනක් නෙමෙයි.

අනෙක් පුද්ගලයින් වගේම ඡන්දයෙන් පසු ඔබත් කොළඹ සුඛෝපභෝගී ජීවිතයක් ගතකරාවි යැයි මත පළ වෙනවා. ඔබ එහෙම කරාවිද?

මම සංචාරක කුරුල්ලෙක් නෙවෙයි. මගේ නිජබිම මේක. මම හැදුණේ වැඩුණේ දකුණේ. මට අයිතියක් තිබෙනවා මෙම පළාත සහ ප‍්‍රදේශයට. මම මගේ ජනතාවට ආදරය කරන කෙනෙක්. මම කොළඹ වගේ දුරබැහැර ප‍්‍රදේශයක ඉ`දන් මාතරට එන්නේ ඔවුන් වෙනුවෙන්මයි. මට රැක ගන්න දේවල් නෑ. ඒ නිසා මම නිදහස් ස්වාධීන කෙනෙක්. දිගටම මාතර ජනතාවත් එක්ක ඉ`දිමින් ඔවුන් වෙනුවෙන් වැඩ කරන එක තමයි මගේ බලාපොරොත්තුව.

More News