Tuesday, February 11, 2014

Written on

නීති විද්‍යාලයේ යළිත් අර්බුදයක් !

නීති විද්‍යාලයට නවක සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා ගිය වසරේ පැවති කඩඉම් විභාගයේ දී විවිධ අකටයුතුකම් සිදු වූ බව පවසමින් කඩඉම් විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක්, ඊයේ (10) කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක යෙදිණි.

එම විරෝධතාවය සංවිධානය කළ නීති අධ්‍යාපනය සුරැකීමේ ශිෂ්‍ය ව්‍යාපාරයට අනුව මෙම වසරේ නීති විද්‍යාලයට බඳවා ගෙන ඇත්තේ සිසුන් 177 දෙනෙකු පමණි.

එය සාමාන්‍යයෙන් බඳවා ගන්නා සංඛ්‍යාව වන 225ට වඩා අඩු බවත් ගිය වසරේ බඳවා ගත් 551 දෙනාට සාපේක්ෂව 374ක අඩුවීමක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

" විභාග ප්‍රතිඵල එන්න තිබුණේ පහුගිය නොවැම්බර් මාසේ වුණත් ආවෙ ජනවාරි මාසේ. ඒ පිටිපස්සෙ නිසැකවම පරිපාලකයින්ගෙ වංචා දූෂණ තියනවා. නීති විද්‍යාලයේ සිද්ධ වෙච්ච වංචා දූෂණ වලට පිළිතුරු දෙන්න බැරි හින්දා අලුතින් පත් වුණු විදුහල්පතිවරයා හදිසියේම ඉල්ලා අස් වෙලා. " නීති අධ්‍යාපනය සුරැකීමේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ලේකම් දමින්ද හෙට්ටිආරච්චි අවධාරණය කරයි.

වයස අවුරුදු 30ට වැඩි අයදුම්කරුවන්ට මේ වසරේ සිට විභාගයට පෙනී සිටීමට අවසර නොදීමට ද නීති අධ්‍යාපන සභාව තීරණය කර ඇති අතර එය වහාම අහෝසි කරන ලෙස ද විරෝධතාකරුවන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

" අපි මේ ගැන අධිකරණ ඇමතිවරයා ඇතුලු පිරිසට පෙත්සමකුත් භාර දුන්නා " හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසීය.

More News