අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සම සලකා නොබලන්නේ නම් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්රි සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටී.
අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් හදුන්නෙත්ති මහතා ඒ බව දැනුම් දී තිබේ. කොමිෂමේ සභාපතිවරයාට එරෙහි අල්ලස් පැමිණිල්ල 01.01.2014 දින කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ අතර, මාසයක් ඉකුත් වී ඇතත් මේ දක්වා එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ෂයක ආරම්භ වී නැතැයි සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කරයි.
පැමිණිල්ලට මාසයක් සම්පූර්ණ වූ දින කොමිෂන් සභාව වෙත ගිය හදුන්නෙත්ති මහතා ඒ පිළිබද සිහි කැදවීමක්ද කොමිසම වෙත බාර දුන්නේය.