Tuesday, February 4, 2014

Written on

නිදහස් දිනයට සිරකරුවන් 800කට නිදහස

66 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් පිරිසක් නිදහස් කිරිමට නියමිත බව බන්ධනාගාර මූලස්ථානය පවසයි. 

ජනාධිපති සමාව ලැබු සිරකරුවන් හෙට(04) දිනයේ නිදහස් කිරිමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර ‍කොමසාරිස් ජනරාල් ජී.බි. කුලතුංග මහතා සඳහන් කළේය. 

ජනාධිපති සමාව යටතේ නිදහස් විමට සුදුසුකම් ලැබ සිටින සිරකරුවන්ගේ නාම ලේඛනය මේ වන විටත් බන්ධනාගාර මූලස්ථානය වෙත ලැබෙමින් පවතින බව බන්ධනාගාර ‍කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි. 

ඒ අනුව සිරකරුවන් 700ත් - 800ත් අතර පිරිසක් නිදහස් කිරිමට හැකි වනු ඇති බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

More News