Sunday, February 16, 2014

Written on

[DEHI NEWS] ධීවර උද්ඝෝෂණයට යකඩ පොලු

හලාවතදී ඊයේ පැවති ධීවර උද්ඝෝෂණයේදී, යකඩ පොලු සහිතව උද්ඝෝෂකයින් අතරට පැමිණි සිටි තිදෙනෙකු අල්ලා පොලිසියට භාර දී තිබේ.

ඔවුන් පොලිස් නිලධාරීන් බව උද්ඝෝෂකයෝ චෝදනා කරති. මේ හේතුවෙන් පොලිසිය හා උද්ගෝෂකයන් අතර උණුසුම් තත්වයක් හට ගැනිණි.

බුමිතෙල් මිල අඩු කරන ලෙස ඉල්ලමින් 2012 වර්ෂයේ රට පුරා පැවති ධිවර කම්කරු විරෝධතා වලට සමගාමිව හලාවතදී පැවති විරෝධතාවයේදී පොලිස් වෙඩි පහරකට ලක්ව මියගිය ඇන්ටනි ප්‍රනාන්දු ධීවර කම්කරුවා ගේ දෙවන වර්ෂ පුර්ණ සැමරුමෙන් අනතුරුව මෙම උද්ඝෝෂණය පැවැත්වුණු අතර, කතෝලික පූජකවරුන්, බෞද්ධ භික්ෂූන්වහන්සේලා ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ. අද හලාවත ධීවරයන් මුහුදු යාමෙන් වැළකී සිටි අතර මේ නිසා හලාවත ප්‍රධාන මාළු වෙළද පොළ පාළුවට ගොස් තිබිණි .

මෙහිදී ඇන්ටනි ප්‍රනාන්දු කම්කරුවාගේ දරුවන්ට හා එම අරගලයේදීම වෙඩි වැදීමෙන් පසු සිය දිවි නසාගත් ජේසු මරිය කිංස්ලි කම්කරුවාගේ දරුවන්ට මුදල් පිරිනැමීමක්ද සිදූ කෙරිණ.

හලාවත සුදසුන ශාලාවේ පැවති මේ සැමරුමෙන් පසු රැස්ව සිටි ජනතාව පාගමනින් ගොස් උද්ගෝෂණය කරමින් ඉල්ලා සිටියේ තමන්ට නිදහසේ ධිවර රැකියාව කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලෙසයි.

මේ අවස්ථාවට එක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ශ්‍රී ලංකාවේ මුහුද මේ වන විට විදෙස් රටවලට බදු දී ඇති බවයි.

ජාතික ධිවර ඒකාබද්ධ කමිටුවේ කැදවුම්කරු හර්මන් කුමාර ප්‍රකාශ කළේ ධීවරයන්ට නිදහසේ රැකියාව කිරීමට ඇති අයිතිය රජය විසින් අහෝසි කර ඇති බවයි.

යාපනයේදීත් උද්ඝෝෂණ
ඊයේ යාපනයේදීද ධීවර උද්ඝෝෂණයක් පැවැත්වුණු අතර එහිදී ධීවරයන් කියා සිටියේ දිගින් දිගටම ඉන්දියාව විසින් ධීවරයන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් තම වැඩ කටයුතු කර ගෙන යාම දුෂ්කර වී ඇති බවයි.

එම උද්ඝෝෂණය නොපවත්වන ලෙස සංවිධානාත්මක පිරිසක් විසින් තර්ජන එල්ල කළ බව ධීවර සහයෝගිතා පෙරමුණේ ඇන්ටන් ජෙසුදාසන් ප්‍රකාශ කළේය.

රැස්වීමට පිරිස ගෙනා බස් රථයේ රියදුරා හට දුරකතනයක් ඔස්සේ කතා කොට බස් රථය ගිනි තබන බවට තර්ජනය කොට ඇති බවත් ජෙසුදාසන් තවදුරටත් පැවසුවේය.

More News