අලි මිනිස් ගැටුම වැළැක්වීම පිණිස තල් ගස් යොදා ගැනීමේ නියමු ව්‍යාපෘති හතරක් රට පුරා ආරම්භ කරන ලද බව ප්‍රැක්ටිකල් ඇක්ෂන් සංවිධානය ප්‍රකාශ කරයි.
ගස් පේළි හතරක් වැවීමෙන් අලින් ගෙන් සිදු වන හානි වැළැක්විය හැකි බව මුලින්ම තමන්ට යෝජනා කළේ මඩකලපුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ පුත්තලම් දිස්ත්‍රික්කවල අලින් ගෙන් බැට කන ජනතාව බව, සංවිධානයේ වැඩසටහන් කළමනාකරු රණසිංහ පෙරේරා Gossip9 හට කියා සිටියේය.
අලි මිනිස් ගැටුම වැළැක්වීම් වස් මෙවැනි ව්‍යාපෘතියක් සමස්ත ලෝකයේම ක්‍රියාත්මක වන්නේ පළමු වතාවට බවද ඔහු ප්‍රකාශ කරයි.
අලි මිනිස් ගැටුම වැළැක්වීම පිණිස මෙතෙක් යොදා ගනු ලැබ තිබෙන විදුලි වැට ඇතුළු සියලු ක්‍රමවේදයන් අලින්ට එරෙහි මනෝ විද්‍යාත්මක බාධක පමණක් බව පවසන රණසිංහ පෙරේරා, තල් ගස් පේලි හතරක් ‘සිග් සැග්’ ක්‍රමයට සිටුවීම මේ දක්වා ක්‍රියාවට නැගුණ එකම භෞතික බාධකය බවද සඳහන් කරයි.
දැව හිඟය සහ පරිසරය
විදුලි වැටක ආයු කාලය වසර දහයක් පමණක් වන අතර, තල් ගසක් වසර සියයක් පමණ පවතින බැවින් වියදම අංශයෙන් සලකා බලන විට විදුලි වැටට සාපේක්ෂව තල් වැවීම විසි දෙක ගුණයකින් අඩු බවයි, ඔහු පවසන්නේ.
" ඒ කියන්නේ තල් වැට ඉදි කිරීමේ වියදම. නඩත්තු වියදම ගත්තොත් බින්දුවයි. "
අලි මිනිස් ගැටුම විසඳීමෙන් ඔබ්බට ගිය ආර්ථික, පරිසර, සහ සමාජයීය වාසි ගණනාවක්ද තල් වැටෙන් හිමිවන බවත් රණසිංහ පෙරේරා පෙන්වා දෙයි.
" තල් ආහාර සුරක්ෂිතතාවය සඳහා මාධ්‍යයක්. පස සංරක්ෂණ මාධ්‍යයක්. සුළං බාධකයක්, ලැවු ගිනි බාධකයක්, " යනුවෙන්ද ඔහු පැවසීය.
" එක කිලෝමීටරයකින්, කාබන් මෙට්‍රික් ටොන් 1250 ක් අවශෝෂණය කරනවා, මේ ශාක විසින්. "
නියමු ව්‍යාපෘතිය සාර්ථක වුවහොත්, ශ්‍රී ලංකාවේ දැව හිඟයටද එමගින් විසඳුමක් ලැබෙනු ඇති බව ඔහුගේ විශ්වාසයයි.