Friday, February 21, 2014

Written on

අභියාචනාධිකරණ තීන්දුව බල රහිතයි

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහ කෙරුණ පාර්ලිමේන්තු දෝෂාභියෝග ක්‍රියාවලිය නීති විරෝධී බවට අභියාචනාධිකරණය දී තිබුණ තීන්දුවක් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කරනු ලැබුණි.

දෝෂාභියෝග විභාගය පැවති සමයේ හිටපු අගවිනිසුරුවරිය ඉදිරිපත් කල පෙත්සමක් විභාග කල අභියාචනාධිකරණය, පෙත්සම්කාරියට එරෙහි චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලයක් නැතැයි තීන්දු කරමින් අදාළ පරීක්ෂණ වාර්තාව අහෝසි කරන ලෙසයි නියෝග කර තිබුණේ.

එහෙත් එම අභියාචනාධිකරණ තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යයි පවසමින් එය අහෝසි කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අභියාචනා පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ අභියාචනාධිකරණ තීන්දුව බල රහිත බවයි.

ඒකමතික තීන්දුවක්
පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයේ තීන්දුව ඒකමතික විය.

රජයේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිවේදී රාසික් සරූක් බීබීසී සංදේශයට කියා සිටියේ පාර්ලිමේන්තුවට එරෙහිව නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ ඍජුවම ප්‍රකාශ කල බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගැනීමට සිදු වන බව දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිවේදී එම්. ඒ. සුමන්දිරන් පවසයි.

More News