Friday, February 28, 2014

Written on

මෛත්‍රීපාලටත් හොරෙන් තවත් මහ ලේකම් කෙනෙක්

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස රටම දන්නා පුද්ගලයා වුවද ඔහුටද නොදන්වා ශ්‍රී ලනිපයට වෙනත් මහ ලේකම්වරුයෙකු පත්කර ඇතිදැයි සැක මතුවන ආකාරයේ පුවතක් වාර්තාවේ.

එනම් අමාත්‍ය මර්වින් සිල්වා මහතාට කැලණිය ආසනයේ ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරය ලබාදී ඇතත් එය තමන් දැනුවත්ව සිදු වූවක් නොවේ යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීමය.

කෙසේ නමුත් අප දන්නා ආකාරයට පක්ෂයක නායකයෙකු, සභාපතිවරයෙකු හෝ නායකත්ව මණඩලයක් සිටියද එහි සංවිධායකවරුන් පතිකිරීමේදී එහි නිල අනුමැතිය සඳහා මහ ලේකම්වරයා සිය අත්සන යෙදිය යුතුය.

මේ සම්බන්ධයෙන් මහ ලේකම්වරයා මාධ්‍යවෙත පවසා ඇත්තේ, තමන් එම පත්වීම පිළිබඳ කිසිවක් නොදන්නා බවත් පත්වීම් ලිපිය ලබාදෙන්නේ පක්ෂයේ සභාපතිවරයා බවත් එසේ පත්වීම් ලිපියක් ලබාදී ඇත්නම් තමන් ඒ පිළිබඳව සොයා බැලිය යුතු බවත්ය.

More News